එක්සත් රාජධානියට සෙන්ටිමීටර 17ක් (අඟල් හතක් පමණ) දක්වා හිම පතනයක් රැගෙන එන ආක්ටික් වෙතින් හමා එන කාලගුණ ප්‍රහාරයකට බ්‍රිතාන්‍යයන් සූදානමින් සිටින බව වාර්තා වේ.
නවීන කාලගුණ ආකෘති සිතියම් (GFS model maps) අනුව, දින කිහිපයක් ඇතුළත එක්සත් රාජධානිය හරහා හිම කුණාටුවක් ගමන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
අත්ලාන්තික් සාගරයෙන් පැමිණෙන කාලගුණික පද්ධතියක් මුලින්ම උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට බලපානු ඇති.
මේ හේතුවෙන් ස්කොට්ලන්තයේ මධ්‍යම හා උතුරු ප්‍රදේශවල අධික හිම පතනයක් අපේක්ෂා කෙරෙයි.
හිම ගැඹුර පිළිබඳ දත්ත පෙන්වා දෙන්නේ ස්කොට්ලන්තයේ කරින්ගෝම්ස් ජාතික උද්‍යානය තුළ සෙන්ටිමීටර 17ක් තරම් ප්‍රමාණයක් තැන්පත් විය හැකි බවයි.
උතුරු අයර්ලන්තයට දැඩි වර්ෂාව ලැබීමට නියමිතයි.
දෙසැම්බර් 3 වන දින දහවල් වන විට, හිම පතනය දකුණට ගමන් කරමින්, ස්කොට්ලන්තය-එංගලන්ත දේශසීමා දෙසට පැයකට සෙන්ටිමීටර 1 බැගින් ගසාගෙන යනු ඇති බව සඳහන්.
සවස 3 වන විට, එංගලන්තයේ ඈත ඊසානදිග ප්‍රදේශවල හිම අපේක්ෂා කෙරෙයි.
සෙන්ටිමීටර 1ක් දක්වා හිම තැන්පතු උතුරු අයර්ලන්තයේ, උතුරු වේල්සයේ සහ දකුණු ස්කොට්ලන්තයේ සිදුවිය හැකියි.
දෙසැම්බර් 4 වනවිට දෙවන වරට කාලගුණික වෙනසක් අලුයම අත්ලාන්තික් සාගරයෙන් පැමිණ, වේල්සයට සහ මධ්‍යම එංගලන්තයට බලපානු ඇති බව සඳහන්.
මෙමගින් උතුරු වේල්සයේ කෙටි කාලයක් සඳහා දැඩි හිම අපේක්ෂා කරන අතර, අනෙකුත් ප්‍රදේශවල අධික වර්ෂාව පතිත වනු ඇති.
කාලගුණ අනාවැකියට අනුව, නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය පුරා අවිනිශ්චිත කාලගුණික තත්ත්වයන් පවතිනු ඇති.
හිම පතනය බොහෝ විට උතුරේ උස් බිම්වලට සීමා වනු ඇති අතර දිවා කාලයේ උෂ්ණත්වය දෙසැම්බර් මාසයේ සාමාන්‍යයට ආසන්නව හෝ තරමක් ඉහළ මට්ටමක පවතිනු ඇති බව අපේක්ෂා කෙරෙයි.