Latest News

20-20 ලෝක කුසලානයේ නිල කාලසටහන අද ප්‍රකාශයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල කාලසටහන අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන CricInfo වෙබ් අඩවියට අනුව, ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම කොළඹ SSC ස ක්‍රීඩාංගණයේ දී ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරගය කිහිපයක්ම පැවැත්වීමට නියමිත අතර, මේ වනවිටත් එම ක්‍රීඩාංගණය තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් පවතියි.

මේ අතර මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව බොහෝ විට B කාණ්ඩයෙන් තරග වදිනු ඇති අතර, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය එම කාණ්ඩයෙන් තරග වදින අනෙකුත් රටවල් වනු ඇති අපේක්ෂා කෙරෙයි.

World News

Send your contact Details Today