Latest News

අමෙරිකාවේ FBI ප්‍රධානියාට තම පෙම්වතිය වෙනුවෙන් රජයේ දේවල් අවභාවිතා කිරීමේ චෝදනා

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉන්දීය සම්භවයක් ඇති කාශ් පටේල්, රජයේ ආරක්ෂක අංශ සහ සම්පත් තම පෙම්වතිය වන ඇලෙක්සිස් විල්කින්ස් වෙනුවෙන් අවභාවිතා කිරීමේ චෝදනාවකට ලක්ව තිබේ.

මොහු විසින් සිය පෙම්වතියගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආයුධ සහ උපක්‍රමික බළකායේ (SWAT) කමාන්ඩෝ භටයන් යොදවා ඇති බවටත්, රජයට අයත් ජෙට් යානා අවිධිමත් ලෙස භාවිතා කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

කාශ් පටේල් විසින් පෞද්ගලික සංචාර 12ක් සඳහා රජයේ ජෙට් යානා භාවිතා කර ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්, අමෙමෙරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් ඔහු සිය පෞද්ගලික සබඳතා වෙනුවෙන් වැය කරන්නේද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

වසර තුනක කාලයක් තිස්සේ ඇලෙක්සිස් විල්කින්ස් සහ කාශ් පටේල් අතර ප්‍රේම සම්බන්ධතාවක් පවතින අතර, පටේල්ගේ දිවුරුම් දීමේ උත්සවයටද ඇය සහභාගී වූ බව සඳහන් වේ.

මෙම මතභේදාත්මක තත්ත්වය ආරම්භ වී ඇත්තේ ඇට්ලන්ටා හි පැවති ජාතික රයිෆල් සංගමයේ වාර්ෂික සමුළුව අතරතුර සිදුවූ සිදුවීමක් මුල් කරගෙනය.

එහිදී ඇලෙක්සිස් විසින් ගීතයක් ගායනා කිරීමට නියමිතව තිබූ අතර, ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් FBI ක්ෂේත්‍ර කාර්යාලයේ විශේෂ SWAT කමාන්ඩෝ භටයන් දෙදෙනෙකු යොදවා තිබුණි.

කෙසේ වෙතත්, එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු වීමෙන් පසුව උත්සවය අවසන් වීමට පෙර ආරක්ෂක කණ්ඩායම ඉවත්ව ගොස් ඇති අතර, මේ පිළිබඳව කෝපයට පත් කාශ් පටේල් ආරක්ෂාව ඉවත් කිරීමට හේතු විමසමින් අදාළ අණදෙන නිලධාරියාට දොස් පවරා ඇති බව වාර්තා වේ.

තම පෙම්වතිය ඉහළ පෙළේ කොන්සර්වේටිව් මතධාරිනියක් වීම හේතුවෙන් ඇයට අන්තර්ජාලය හරහා විවිධ තර්ජන එල්ල වී ඇති බවත්, ඇයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් පටේල් පාර්ශවය පවසා ඇත.

සාමාන්‍යයෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහා SWAT කණ්ඩායම් යොදා නොගත්තද, නැෂ්විල්, සෝල්ට් ලේක් සිටි සහ ලාස් වේගාස් වැනි ප්‍රදේශවලදීද ඇයගේ ආරක්ෂාවට මෙලෙසම විශේෂ බළකායන් යොදවා තිබූ බව නිලධාරීන් පෙන්වා දෙයි.

කාශ් පටේල් විසින් ස්කොට්ලන්තයේ ගොල්ෆ් ක්‍රීඩා නිකේතනයක්, ටෙක්සාස් හි දඩයම් භූමියක් සහ පෙන්සිල්වේනියාවේ මල්ලවපොර තරඟයක් නැරඹීම ඇතුළු පෞද්ගලික සංචාර දොළහක් සඳහා රජයේ ජෙට් යානා භාවිතා කර තිබේ.

ආරක්ෂක හේතූන් මත අධ්‍යක්ෂවරයාට රජයේ ගුවන් යානා භාවිතා කිරීමට අවසර තිබුණද, පෞද්ගලික ගමන් සඳහා වාණිජ ගුවන් ටිකට් පතක වටිනාකම රජයට ගෙවිය යුතු වුවත්, ඔහු මීට පෙර හිටපු අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ හට මෙවැනිම චෝදනා එල්ල කර තිබියදී මෙලෙස හැසිරීම විවේචනයට ලක්ව ඇත.

කාශ් පටේල්ගේ පෙම්වතිය වන ඇලෙක්සිස් විල්කින්ස් ගායිකාවක් මෙන්ම ගිනි අවි අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නියක් වන අතර, ඇය සහ පටේල් දේශපාලනික වශයෙන් බලවත් යුවළක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිති.

තමාට එරෙහිව ජීවිත තර්ජන සහ වෙඩි තැබීම් පිළිබඳ අනතුරු ඇඟවීම් සමාජ මාධ්‍ය හරහා ලැබෙන බව ඇය පවසා ඇති අතර, ඇයගේ මෙම දේශපාලන ප්‍රතිරූපය සහ පටේල් සමඟ ඇති සම්බන්ධය හේතුවෙන් ඇයට අමතර ආරක්ෂාවක් ලබා දෙන බවට තර්ක කෙරේ.

World News

Send your contact Details Today