Latest News

තවත් රටක් 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමා ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවධානය වැඩි වීමත් සමඟ, වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට මැලේසියාව ලබන වසරේ සිට සැලසුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සන්නිවේදන අමාත්‍ය ෆාහ්මි ෆඩ්සිල් (Fahmi Fadzil) ඊයේ (23) දින ප්‍රකාශ කළේ, අන්තර්ජාලය ඔස්සේ සිදුවන සයිබර් හිරිහැර, මූල්‍ය වංචා සහ ළමා ලිංගික අපයෝජන වැනි හානිකර ක්‍රියාවලින් තරුණයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගන්නා බවයි.

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වේදිකා ලබන මාසයේදී අවුරුදු 16ට අඩු පරිශීලකයින්ගේ ගිණුම් අක්‍රිය කිරීමට සූදානම් වන අතර, මෙම පුළුල් තහනම ලොව පුරා නියාමකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

එමෙන්ම, මැලේසියාවේ අසල්වැසි ඉන්දුනීසියාවද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සඳහා අවම වයස් සීමාවක් සැකසීමට සැලසුම් කළද, පසුව ඔවුන් සෘණාත්මක අන්තර්ගතයන් පෙරීමට සහ ශක්තිමත් වයස් සත්‍යාපන ක්‍රියාමාර්ග පැනවීමට තාක්ෂණික වේදිකාවලට නියම කරන නියාමනයක් නිකුත් කරනු ලැබුවේය.

World News

Send your contact Details Today