Latest News

මිය­න්මාර හමු­දාවෙන් සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න­යක් වටලයි – 350 දෙනෙකු අත්අ­ඩං­ගු­වට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායි­ලන්ත දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න­යක් වටලා පුද්ග­ල­යන් 350 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව මිය­න්මාර හමු­දාව ප්‍රකාශ කර තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් පිරිස අතර විදේ­ශි­ක­යන් 346 දෙනකු සිටින බවත්, ඔවුන් විසින් ලොව පුරා විවිධ රට­වල ව්‍යාපා­රි­ක­යන් ඇතුළු පුද්ග­ල­යන් වංචා සහ­ග­තව රවටා මුදල් උපයා ගැනීම සඳහා භාවිත කළ ජංගම දුර­ක­තන දස­ද­හ­සක් පමණ සොයා­ගත් බවත් මිය­න්මාර හමු­දාව සඳ­හන් කරයි.

දේශ­සීමා ආර­ක්ෂක බළ­කාය සමඟ එක්ව මිය­න්මාර හමු­දාව එම වැට­ලීම සිදු කර ඇත්තේ මිය­න්මාර – තායි­ලන්ත දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි කැරන් ප්‍රාන්තයේ ෂූව් කොක් කෝ නමැති ප්‍රදේ­ශ­යේදී වන අතර, සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථාන පව­ත්වා­ගෙන යෑමට සහාය දුන් බවට අදාළ ප්‍රදේ­ශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියා­ත්මක වන ආයුධ සන්නද්ධ කණ්ඩා­ය­ම්ව­ලට මිය­න්මාර හමු­දාව චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today