ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ඉහළ පෙළේ නිලධාරියෙකු ඝාතනය කර තිබේ.
දෙපාර්ශ්වය අතර සටන් විරාම අතරතුරු මාස ගණනාවකට පසු බේරූට් වෙත එල්ල කළ පළමු ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා සඳහන් කළේය.
හයිතම් අලි අල්-තබ්තබායි නමැති මොහු හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානීයා වන අතර, ඔහු එම සංවිධානයේ තනතුරු ගණනාවක් දැරූ ප්‍රවීණයෙකු ද වෙයි.
හිස්බුල්ලා සංවිධානය ද තබ්තබායිගේ මරණය තහවුරු කළ අතර, මෙම ප්‍රහාරයේදී මොහු ඇතුලු පස් දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.