Latest News

ලංකාවේ පවුල් 15,000 ක් නායයෑමේ අධි අවදානම් කලාප වල – ඊයේ නාය ගිය තැන ගැනත් දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක පවුල් 15,000 ක් නායයෑම් අධි අවදානම් කලාපවල සිටින බව හඳුනාගෙන තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පර්යේෂණ සහ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස පැවසුවේ මෙම පවුල් 2,500 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බෙරගල යුද හමුදාව මැදිහත්වමින් මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේවන විට මෙම අනතුරින් මියගිය ගණන 06 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඉදිරි පැය 24 තුළ කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, අදාළ මාර්ග භාවිත කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ–සහ–කුරුණෑගල–මහනුවර, කොළඹ–කරඳුපන–මහනුවර, කොළඹ–මාවනැල්ල–හෙම්මාතගම–රම්පල–මහනුවර සහ කොළඹ–මාවනැල්ල–ගනේවත්ත හන්දිය–කොවිල් කන්ද–පිළිමතලාව–මහනුවර යන මාර්ග භාවිත කළ හැකි බව සඳහන් කර ඇත.

එමෙන්ම, හෙට (24) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග සඳහා මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශවලට යන දරුවන්ට මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් විශේෂ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදුකළ බවද සංවිධානය පැවසීය.

තවද, මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීමට සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

World News

Send your contact Details Today