Latest News

කඩුගන්නාවේ ඛේදවාචකය: යාවත්කාලින තොරතුරු මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට සමත්ව තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින අනෙක් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

අද (22) උදෑසන සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෙකක් (02) දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අනතුර හේතුවෙන් A 01 මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා ඇති අතර කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථවාහන රඹුක්කන ගලගෙදර හරහා මහනුවර දෙසටද, මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන ඉහත විකල්ප මාර්ගයම භාවිතා කරන ලෙසටත්, ගම්පොළ සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහන හා කොළඹ සිට ගම්පොළ දක්වා පැමිණෙන රථවාහන මාවනැල්ල හෙම්මාතගම හරහා මාර්ගය භාවිතා කරන ලෙසටත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සඳහා අධිවේගී මාර්ගය භාවිත කළ හැකි බවට පොලිසිය රියදුරන් හා මහජනතාව දැනුම් දෙයි.

World News

Send your contact Details Today