නැගෙනහිර පාකිස්ථානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7දෙනෙකුට තුවාල සිදුව තිබේ.
පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බව සඳහන්.
සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලාගිය කර්මාන්තශාලා හිමිකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.