Latest News

කිලෝග්‍රෑම් 300 ක මරකත මැණික් ගලක් වෙන්දේසියට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැඩගස්කරයෙන් කිලෝග්‍රෑම් 300 ක දැවැන්ත මරකත මැණික් ගලක් සොයාගෙන තිබේ.

ජනාධිපති මන්දිරයෙන් මෙම ගල හමු වූ බව වාර්තා වේ. නව හමුදා ජුන්ටාවේ ජනාධිපති මයිකල් රැන්ඩ්‍රියාරිනා මෙම සොයා ගැනීම නිවේදනය කළේය.

“ජාතික වස්තුවේ කොටසක් වූ ජනාධිපති මන්දිරය තුළ සඟවා ඇති කිලෝග්‍රෑම් 300 ක මරකත මැණික් ගලක් අපි සොයාගෙන ඇත්තෙමු.

” රජයේ භාණ්ඩාගාරය පාහේ හිස් වී ඇති බැවින්, නව පරිපාලනය ජාත්‍යන්තර මූල්‍ය ආධාර සහ ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

රජයේ භාණ්ඩාගාරය නැවත පිරවීම සඳහා ජනාධිපති මන්දිරයෙන් සොයාගත් ගත් මරකත වෙන්දේසි කිරීමට තීරණය කර ඇත.

මෙතෙක් කල් එය මෙහි සඟවා ඇත්තේ මන්දැයි අපි නොදනිමු,” ඔහු පැවසීය.

World News

Send your contact Details Today