Latest News

ඇලස්කාවේ නගරයකට මාස දෙකකට හිරු අහිමි වෙයි

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇලස්කාවේ පිහිටි උට්කියාග්වික් නගරයට, මේ වසරේ අවසන් හිරු බැස යාම සනිටුහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ් අනුව දළ වශයෙන් ඉදිරි දින 65ක් අඛණ්ඩ අන්ධකාරයක් පවතින ‘ධ්‍රැවීය රාත්‍රියට’ (polar night) එම නගරය මුහුණදෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම කුඩා නගරය, මීට පෙර බැරෝ ලෙස හැඳින්වූ අතර , එය ආක්ටික් කවයට සැතපුම් 300ක් පමණ උතුරින් පිහිටි ඇලස්කාවේ උතුරු කෙළවරේ පිහිටා තිබේ.

මෙය උතුරු ඇමරිකාවේ උතුරුම ප්‍රදේශයේ ජීවත්වන ප්‍රජාව ලෙසයි සැලකෙන්නේ.

පසුගිය අඟහරුවාදා (18) හිරු බැස යෑමෙන් පසු, උට්කියාග්වික්හි මීළඟ හිරු උදාව සිදුවන්නේ 2026 ජනවාරි 22 වනදායි.

මෙම දීර්ඝ කාලීන අන්ධකාරය ඇතිවීමට හේතුව වන්නේ පෘථිවි අක්ෂයේ ඇති ඇළවීමයි.

උතුරු අර්ධගෝලය සැප්තැම්බර් සහ මාර්තු අතර සූර්යයාගෙන් ඈත් වන විට, දෙසැම්බර් සූර්ය නිවෘත්තිය ආසන්නයේ දී ආලෝකය උතුරට ළඟා වීම නතර වී එහි උච්චතම අවස්ථාවට ළඟා වෙයි.

ධ්‍රැවීය රාත්‍රිය තුළ පවතින තත්ත්වයන් අතිශය දරුණු බවයි කාලගුණය පිළිබඳ විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

උෂ්ණත්වය නිතරම ෆැරන්හයිට් අංශක ශුන්‍යයට වඩා බෙහෙවින් පහළට යාම මෙම දිගු රාත්‍රියේ විශේෂිත කරුණක්.

අඳුරු කාලය තුළ ස්වභාවික ආලෝකයේ එකම ප්‍රභවයන් දෙක වන්නේ දකුණු ක්ෂිතිජය අසල ඇති අඩ අඳුරයි.

හිසට ඉහළින් විටින් විට දිස්වන අවුරෝරා බෝරියාලිස් හෙවත් වෛර්ණ ආලෝක විහිදුණු රාත්‍රි අහසේ දීප්තිය උදාවීමත් තවත් විශේෂත්වයක්.

සූර්යයා නොමැති වීම හේතුවෙන් මෙම නගරයේ වෙසෙන 5,000ක් පමණ වන එහි පදිංචිකරුවන්ගේ දෛනික කටයුතු වෙනස් වේ.

කෙසේ වෙතත්, මෙම අන්ධකාරය තාවකාලිකයි.

වසන්තය නැවත පැමිණෙන විට, ආලෝකය ද නැවත පැමිණෙනු ඇති බව පැවසේ.

මැයි මස මැද භාගයේ සිට අගෝස්තු මස මුල දක්වා, තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ද එම වාර්තාවල දැක්වෙයි.

එම කාලය තුළ සූර්යයා කිසි විටෙකත් නොබසිනු ඇති අතර, එය උට්කියාග්වික් හි නිමක් නැති දවල් කාලය, එනම් එහි දීර්ඝ ශීතල රාත්‍රියේ ප්‍රතිවිරුද්ධ කාලය උදා කරනු ඇති බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

World News

Send your contact Details Today