Latest News

ඊශ්‍රායල අගමැතිගේ සංචාරය ගැන සිරියාවෙන් ප්‍රතිචාර

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කිරීම අනීතික බව සිරියාව පවසයි.

එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව උල්ලංඝනය කිරීමක් බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය බිද වැටීමෙන් පසු ඊශ්‍රායලය සිය භටයන් යොදවා ආරක්ෂක කලාපයක් ලෙස අත්පත්කරගනු ලැබුවේය.

මෙම සංචාරය හරහා කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today