මිනිසුන් තුළ මෙතෙක් දක්නට නොලැබුණු පක්ෂි උණ (bird flu) වර්ගයක් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකුට ආසාදනය වී රෝහල් ගත කර ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබේ.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනුව, මෙම පුද්ගලයා ඉන්ෆ්ලුවෙන්සා A H5 (influenza A H5) නම් පක්ෂි උණකින් ආසාදනය වූ පළමු පුද්ගලයායි.
වොෂින්ටන් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිවේදනය කළේ වැඩිහිටි පදිංචිකරුවෙකු නොවැම්බර් මස මුලදී උණ වැනි රෝග ලක්ෂණ සමඟ රෝහල් ගත කර ඇති බවයි.
ඊයේ 19 වන දින වන විටත් එම පුද්ගලයා රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක රොබර්ටෝ බොනකෝර්සෝ පැවසුවේය.
මෙම පුද්ගලයා යටින් පවතින සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන අතර, ඔහු වනගත කුරුල්ලන්ට නිරාවරණය වූ මස් සඳහා කුකුළන් ඇති කරයි.
මෙම සිද්ධිය වාර්තා වන්නේ පැසිෆික් සාගරය ආසන්නයේ සියැටල් නගරයට බටහිර දෙසින් පිහිටි ග්‍රේස් ප්‍රාන්තයෙන්.
අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (CDC) අනුව, පක්ෂි උණ නිසා මහජනයාට ඇතිවන අවදානම අඩු මට්ටමක පවතියි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළ වෙනත් ආසාදන කිසිවක් දැක නැති බව බොනකෝර්සෝ කියා සිටියේය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට පක්ෂි උණ සම්ප්‍රේෂණය වී නොමැති බව ද CDC පවසයි.
මෙම සිද්ධිය, 2024 මාර්තු මාසයේදී කිරි ගවයන් තුළ වෛරසය මුලින්ම සොයා ගැනීමෙන් පසුව, අමෙරිකාවේප්‍රාන්ත 17 ක කිරි ගව පට්ට 1,000 කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති රට පුරා පක්ෂි උණ පැතිරීමේ නවතම සිද්ධියයි.
මෙම වෛරසය වෙනත් පක්ෂි විශේෂවලට සහ ඇතැම් විට ක්ෂීරපායින්ට ද ව්‍යාප්ත විය හැකියි.
බොහෝ මානව ආසාදන සිදුවී ඇත්තේ රෝගී හෝ ආසාදිත සතුන් සමඟ නිරාවරණය වූ පුද්ගලයන් අතරයි.
මානව රෝග ලක්ෂණ මෘදු සිට දරුණු මට්ටමට ළඟාවිය හැකි අතර, CDC අනුව, ඒවා සාමාන්‍ය උණ රෝගයට සමානයි.
රෝග ලක්ෂණ ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ශරීර වේදනාව, උගුරේ වේදනාව, ඇස්වල කෝපය සහ තෙහෙට්ටුව රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.
එය කුකුළු මස්, සත්ත්ව ගොවිපල සහ එළුවන්, ක්ෂීරපායීන් ද ආසාදනය කළ හැකියි.
ආසාදන අවදානම වැඩිම පිරිස අතරට ගොවීන්, පශු වෛද්‍යවරුන් වැනි සත්ත්ව පාලන සේවා සපයන්නන්, ආසාදිත සතුන් හෝ සත්ත්ව නිෂ්පාදනවලට නිරාවරණය වන අනෙකුත් සේවකයින් ඇතුළත්.
චීස් ඇතුළු අමු හෝ නොපිසූ ආහාර මගින්ද වෛරසය රැගෙන යා හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
අමු ආහාර අනුභව කළ නිවෙස් බළලුන් තිදෙනෙකුගේ මරණයට ද පක්ෂි උණ ආසාදනය වීම සම්බන්ධ වී තිබුණේය.
මෙම රෝගය සම්බන්ධයෙන් එක් මරණයක් තහවුරු වී ඇති අතර කුකුළු පාලකයෙකු අමෙරිකාවේ එම රෝගයෙන් මියගිය පළමු පුද්ගලයායි.