ගුවන් ගමන්වලදී Power Bank භාවිතය තහනම් කිරීමට Qantas සහ Virgin Australia ගුවන් සමාගම් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලිතියම් බැටරි හේතුවෙන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වල සිදුවූ ගිනි ගැනීම් මාලාවකින් පසු මෙම නව නීති ක්‍රියාත්මක කිරීමටයි එම සමාගම් පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, ගුවන් මගීන්ට Power Bank භාවිතා කිරීම, ඔන්-බෝර්ඩ් Device Charge කිරීම, හෝ Charging Cables සම්බන්ධ කිරීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇති.
Virgin Australia ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ක්‍රිස් ස්නූක් පවසන්නේ ලිතියම් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන උපාංග මේ වනවිට ලොව පුරා සංචාරකයින් විසින් වැඩි වශයෙන් රැගෙන යන බවයි.
සුදුසු පරිදි ඇසුරුම් කළ මෙම items සාමාන්‍යයෙන් ආරක්ෂිත වුවද, අදාළ නීති මගින් උපාංග සමඟ සම්බන්ධ විය හැකි ඕනෑම අවදානමක් අවම කරනු ඇති බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක Virgin Australiaහි Power Bank ප්‍රතිපත්ති වෙනස්කම් අතර, සංචාරකයින් Power banks, අමතර බැටරි සහ කුඩා අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපාංග overhead lockerහි ගබඩා නොකළ යුතු අතර ඒවා ඉදිරිපස ආසනය යට හෝ ආසන මත තබාගත යුතු වේ.
Power Bank භාවිතා කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇති අතර, ආසනය තුළ charging කිරීම ද සීමා වනු ඇති.
සෑම සංචාරකයෙකුටම උපරිම වශයෙන් Power Bank දෙකක් රැගෙන යා හැකියි.
100–160Wh අතර උපාංග සඳහා පෙර අනුමැතිය අවශ්‍ය වන අතර 160Wh වැඩි සියලු උපාංග තහනම් කර තිබේ.
මේ අතර දෙසැම්බර් 15 වන දින සිට ආරම්භ වන Qantas ගුවන් ගමන්වලදී Power Banks භාවිතා නොකළ යුතු අතර එක් පුද්ගලයෙකුට උපරිම Power bank දෙකක් රැගෙන යා හැකියි.
Power Banks Charge කිරීම තහනම් වන අතර එක් Power Bank එකක උපරිම 160Wh විය යුතුයි.
Power Bank, අමතර බැටරි සහ පුද්ගලික ඉලෙක්ට්‍රොනික උපාංග ආසන සාක්කුවේ හෝ ඉදිරිපස ආසනය යට හෝ අසල ඇති Overhead Locker එකක ගබඩා කළ යුතු වේ.
සෑම Power Bank එකකම Battery Specifications නිශ්චිතව දැක්විය යුතු බව ද Qantas සමාගම දැනුම් දී තිබේ.