පිලිපීන හිටපු නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් වන නඩුවකට වරදකාරිය කරවමින්.
ඇය ඇතුළු තිදෙනෙකු අදාළ චෝදනාවට වරදකරුවන් වී ඇති අතර සිරදඩුවමට අමතරව ඩොලර් 33,832ක දඩයක් ද පිලිපීන අධිකරණයක් මගින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ පිලිපීනයේ බම්බන් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරිය වන ඇලිස් ගුඕ නැමැත්තියටයි.