නිල සමාජ මාධ්‍ය තහනමට ලක්වන රටවල්වල සිටින වයස අවුරුදු 16ට අඩු Meta, Instagram සහ Facebook පරිශීලකයන්ට, එම තහනමට සති කිහිපයකට පෙර ඔවුන්ගේ ගිණුම් වසා දැමීම ආරම්භ කරන බවට Meta සමාගම දැනුම් දී තිබේ.
එබැවින් වයස අවුරුදු 13–15 අතර වයස්වල අයට දෙසැම්බර් 4ට පෙර තම වැදගත් Data වෙතොත් ඒවා සුරක්ෂිත කරගන්නා ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ.
කෙසේවෙතත් මෙය Messenger සේවාවට බාධාවක් නොවෙන බවයි Meta වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම පවතින දෝෂ අනුව වයස 16ට අඩු පරිශීලකයින් හඳුනා ගැනීමේදී වැරදීමකින් වැඩිහිටි ගිණුම් වලටත් මෙම තහනම වැදිය හැකි බව Meta වැඩිදුරටත් පවසයි.
එසේ තහනමට ලක්වූ හෝ තම වයස සැක සහිත ඕනෑම පරිශීලකයෙකුට Yoti සේවාව හරහා වීඩියෝ සෙල්ෆියක් හෝ රජයේ හැඳුනුම්පතක් භාවිතා කර තම වයස තහවුරු කළ හැකි වේ.
එසේම තම වයස 16 ට අඩු සිට 16 ට වැඩි බවට වෙනස් කරන සියලු පරිශීලකයින්ගේ වයස පිළිබඳ නිවරදි තොරතුරු ඉදිරිපත් කර එය තහවුරු කළ යුතු බව ද සමාගම වැඩිදුරටත් කියා සිටියේය.
ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ තරුණ පරිශීලකයන්ගේ ධනාත්මක අත්දැකීම් ගැන ද මෙහිදි විශේෂ අවධානයක් යොමු කර තිබේ.