ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව නිපදවූ ජංගම දුරකථන යෙදවුමක් ලොව හොඳම දුරකථන යෙදවුම් හය අතරට එක්ව ඇත.
ශ්‍රී ලංකාවේ ගමේ නගරයේ ගැටලු විසඳන ‘මං කිව්වා’ ජංගම දුරකථන යෙදවුම (ManKiwwa app) Smart City Expo World Congress 2025 හීදි ඇගයීමට ලක්ව තිබේ.
ඒ වගේම එය පවත්වා තිබෙනුයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේදීය.
එහි නවෝත්පාදන කාණ්ඩයේ ගෝලීය අවසාන තරඟකරුවන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස මෙම යෙදවුම පිළිගැනීමට ලක් ව තිබේ.
ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය, දකුණු කොරියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් ද මෙම ජාත්‍යන්තර වේදිකාවේදි පිළිගැනීමට ලක්විය.