Latest News

ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව, තමන්ට හිමි ඇමෙරිකානු ඩොලර් මිලියන 39ක හිඟ ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්ක රජය සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබේ.

නිල ණය හිමි කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් වීමෙන් පසු පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව, ඩෙන්මාර්ක රජය හිඟ ණය නැවත කාලසටහන්ගත කිරීමෙන් ණය සහන ලබා දීමට එකඟ වී තිබෙන බව සඳහන්.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ඩෙන්මාර්ක රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ලාර්ස් ලොක් රාස්මුසන් (Lars Løkke Rasmussen) අත්සන් තිබුණේය.

මෙම ගිවිසුම යටතේ නැවත කාලසටහන්ගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 39ක් බව එම නිවේදනයේ සඳහන් වන්නේ.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙම ගිවිසුමට එළැඹීම ඩෙන්මාර්ක රජය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මග පෑදෙනු ඇති බවයි.

World News

Send your contact Details Today