Latest News

Diet Soft Drinks ගැන මහජනතාවට නව අනතුරු ඇඟවීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක සෞඛ්‍ය විශේෂඥයින් විසින් Diet Soft Drinks ගැන මහජනතාවට නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව නිතර නිතර Diet Soft Drinks පානය කිරීමද සෞඛ්‍ය අවදානම් වැඩි කළ හැකි බවයි පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇත්තේ.

Diet Soft Drinks වල පැණි රසය රඳවා ගැනීමට Aspartame වැනි කෘතිම රසකාරක භාවිතා කරන නිසා, එය සම්පූර්ණයෙන් හිතකර බීමක් නොවන බව විශේෂඥයන් පවසයි.

WHO 2023 දී Aspartame පිළිකා අවදානම් ලැයිස්තුවට ද ඇතුළත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ, මහජනතාව සාමාන්‍යයෙන් ආරක්ෂිත මට්ටම්වල Aspartame පරිභෝජනය කරන බවත්, දිනකට Diet Soft Drinks කෑන් 14 කට සමාන ප්‍රමාණයක් පානය කරන්නේ නම් අනිවාර්යෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම සිදු කළ යුතු බවයි.

මේවාට හුරු වීමෙන් හෘද රෝග අවදානම් , දෙවන වර්ගයේ දියවැඩියාව සහ බඩවැල්වල බැක්ටීරියා වර්ධනය වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවටත් මෙම පර්යේෂණ ප්‍රතිඵල වල දැක්වේ.

විශේෂඥයින් සඳහන් කරන්නේ Soft Drinks හෝ Diet Soft Drinks වුනත් මේවා පානයට හුරු වුවන්ට එය ක්ෂණිකව කිරීමට නොහැකි බවත් එය සෙමින් කළ යුතු ක්‍රියාවලියක් බවයි.

එහිදී සාමාන්‍යයෙන් පානය කරන Diet Soft Drinks ප්‍රමාණයට වතුර, සෝඩා වතුර වැනි දේ එක කිරීමත් ස්වභාවික පලතුරු යුෂ, අයිස් ටී සහ පොල් වතුර වලට හුරුවීමත් සෞඛ්‍ය සම්පන්න විකල්ප ලෙස ඉදිරිපත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ soft drinks අත්හැර දැමීම අනිවාර්ය නොවූවත්,නමුත් ඒවා අවධානයෙන්, පාලනයෙන් භාවිතා කිරීම අනිවාර්ය බවයි.

ඔබ ගන්නා Diet Soft Drinks ප්‍රමාණය සහ වාර ගණන සලකා බලමින්, සෙමින් අඩු කළොත් දිගුකාලීනව එන සෞඛ්‍ය ගැටළු රැසක් වළක්වා ගත හැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today