Latest News

සෙලෙන්ස්කි සිය ධුර කාලයේ ගැඹුරුම අර්බුදයකට මුහුණ දෙයි

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය ධුර කාලයේ ගැඹුරුම අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.

යුද්ධය අතරතුර රටේ බලශක්ති අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වංචා කිරීමේ යෝජනා ක්‍රමයකට ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් සම්බන්ධ බවට චෝදනා එල්ල වීම මෙයට හේතුවයි.

යුක්‍රේන ජාතික දූෂණ විරෝධී කාර්යාංශය (NABU) විසින් මාස 15ක් පුරා සිදු කළ පරීක්ෂණයකින් මෙම වංචාව හෙළි වී ඇති බව සඳහන්.

මෙම වංචාවට සම්බන්ධ බව කියන ප්‍රධාන චරිතය ලෙස නම් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ විනෝදාස්වාද සමාගමක් සම-හිමිකාරීත්වය දැරූ Tymur Mindich නම් ව්‍යාපාරිකයෙක්.

විමර්ශකයින් ඔහුගේ මහල් නිවාසයකින් රන් ආලේපිත වැසිකිළියක් සහ මුදල් මලු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා වරක් සිය උපන්දිනය පවා සමරා ඇත්තේ මින්ඩිච්ගේ මෙම මහල් නිවාසයේ බවද හිටපු නිලධාරියෙකු උපුටා දක්වමින් FOX NEWS වාර්තා කරයි.

මෙම චෝදනා මධ්‍යයේ සෙලෙන්ස්කි දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශයක් කර තිබේ.

“වංචා සහගත යෝජනා ක්‍රමය සකස් කළ සෑම කෙනෙකුටම පැහැදිලි නීතිමය ප්‍රතිචාරයක් ලැබිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසූ බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම දූෂණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් වී සිටි බවට සැක පළ කරන හිටපු නිලධාරීන් පවසා ඇත්තේ, යුද්ධය හේතුවෙන් ලැබී ඇති ඔහුගේ ‘බිඳිය නොහැකි ප්‍රතිරූපය’ පාවිච්චි කරමින් ඔහු තනතුරේ රැඳී සිටිනු ඇති බවයි.

World News

Send your contact Details Today