පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (18) රාවල්පින්ඩිහිදී ආරම්භ වේ.
සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර, තරගාවලිය ආරම්භ කරමින් අද (18) පාකිස්තානය සහ සිම්බාබ්වේ පළමු තරගයට එක් වෙයි.
මේ තරගාවලිය ඊයේ (17) ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණත් තරගාවලියට එක්වන කණ්ඩායම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයක් හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
මේ තරගාවලියේදී සල්මන් අගා පාකිස්තානය පිල මෙහෙයවන අතර, සිකන්දර් රාසා සිම්බාබ්වේ පිලේ නායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අනිද්දා (20) මේ තරගාවලියේ පළමු තරගයට එක් වන අතර, 22 වැනිදා පාකිස්තානයට එරෙහිව, 25 වැනිදා සිම්බාබ්වේට එරෙහිව සහ 27 වැනිදා පාකිස්තානයට එරෙහිව මූලික වටයේ තරගවලට එක් වේ.
තරගාවලියේ අවසන් මහ තරගය මේ 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන,
18දා : පාකිස්තානය – සිම්බාබ්වේ
20දා : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
22දා : ශ්‍රී ලංකාව – පාකිස්තානය
23දා : පාකිස්තානය – සිම්බාබ්වේ
25දා : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
27දා : ශ්‍රී ලංකාව – පාකිස්තානය
29දා : අවසන් මහ තරගය
මේ අතර T20I ත්‍රිත්ව තරගාවලියට නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔවුන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මේ තීරණය ගෙන ඇති බවයි සඳහන්.
එම ක්‍රීඩකයින් දෙදෙනා පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ අතර දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය දරන අතර, ඔවුන් දෙදෙනා වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට එක් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.