කම්මැලිකම හේතුවෙන් සමාජ ජාලවල සැරිසැරීම මගින් තමන් මුහුණ දෙන ගැටලුව තවත් නරක අතට හැරිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් ඇතැම් අවස්ථාවලදී තමන් කැමති සමාජ මාධ්‍ය ජාලයක් හෝ කිහිපයක් වෙත පිවිසී කම්මැලිකම මගහරවා ගැනීම සඳහා වීඩියෝ නැරඹීම සිදු කරනු ලබනවා.
නමුත් නව පර්යේෂණයන්ට අනුව හෙළිවී ඇත්තේ එම පුරුද්ද කම්මැලිකම උග්‍ර කරන බවයි.
2008 වසරේ සිට 2020 දක්වා සිදු කර ඇති මෙම පර්යේෂණය මගින් තරුණයන් තුළ කම්මැලිකම වර්ධනයේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බව ද හෙළිවී තිබෙනවා.
පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 1,200ක් පමණ යොදාගෙන ඇති බව සඳහන්.
ඇතැමුන් අරමුණක් නොමැතිකම සමඟ කම්මැලිකම සමාන කරන අතර එමගින් ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි බව ද පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අභියෝගාත්මක අර්ථාන්විත ක්‍රියාකාරකමක යෙදී කාර්යබහුල වන්නේ නම් කම්මැලිකම මගහරවා වඩා හොඳ තෘප්තියක් ලබා දෙනු ඇති බවයි.
එමෙන්ම සියලු වර්ගවල සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසට සහ එම මාධ්‍ය භාවිතයේදී ලබා ගත හැකි ධනාත්මක අත්දැකීම හඳුනා ගන්නා ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.