මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.