Latest News

සුරතලයට කිඹුල්ලු ඇති කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීමට සූදානමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Northern territory හි කිඹුලන් සුරතලයට ඇති කිරීම සම්බන්ධයෙන් නීති ලිහිල් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සුරතලුන් ලෙස කිඹුලන් ඇති කිරීම තහනම් කිරීමට පියවර ගෙන තිබියදීයි Northern territory කිඹුලන්ගේ හිමිකාරිත්වයට ඉඩ දීම සඳහා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ.

ඒ අනුව මේ වන විටත් කිඹුලන් 123 දෙනෙකු තබා ගැනීමට 63 දෙනෙකු සදහා දැනටමත් බලපත්‍ර හිමිව තිබේ.

NT උද්‍යාන සහ වනජීවී අමාත්‍ය Marie-Claire Boothby පැවසුවේ ප්‍රදේශ ජීවන රටාව සමග ගත් කල එය වටිනා තීරණයක් බවයි.

සුරතල් කිඹුලෙකු හිමිකර ගැනීම සඳහා නව ආරක්ෂාව සහ සුභසාධන මාර්ගෝපදේශ පිළිබඳව අදහස් දැක්වීමට NT රජය ජනතාවට ආරාධනා කර තිබේ.

රතු පටි කපා හැරීමෙන් සහ සුරතල් කිඹුලෙකු ආරක්ෂිතව තබා ගැනීම හිමිකරුවන්ට පහසු කිරීමෙන් පරිසර බලදාරීන් වගකිවයුතු සුරතල් සත්ව හිමිකාරිත්වයට සහාය දෙන බවයි පරිසර බලධාරීන් අවධාරණය කළේ.

World News

Send your contact Details Today