Latest News

ට්‍රම්ප්, තීරු බදු සම්බන්ධ තවත් විධායක නියෝගයක් අත්සන් කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවෙන් එක්සත් ජනපදයට සිදුකරන විශාලතම අපනයනය වන beef සම්බන්ධයෙන් තීරුබදු පැනවීමට තිබූ අදහස ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් කර තිබේ.

එය දැඩි තීරුබදු සම්බන්ධයෙන් විශාල පරාසයක ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමේ නියෝගයක් බවයි වාර්තා වන්නේ.

ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ඔස්ට්‍රේලියානු beef බවද සඳහන් වේ.

ඔස්ට්‍රේලියාව වාර්ෂිකව ඩොලර් බිලියන 2 කට වැඩි වටිනාකමකින් යුතු beef, එක්සත් ජනපදයට අපනයනය කරනු ලබයි.

තීරුබදු අවලංගු කිරීම මගින් ආනයනකරුවන්ට ඔවුන් ගෙවා තිබූ මුදල් ආපසු ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

මෙම ලැයිස්තුවට තක්කාලි, කෝපි, කෙසෙල් වැනි නිවර්තන භෝගද ඇතුළත් වන අතර මෙමගින් අමෙරිකාවේ ඉහළ ජීවන වියදම් ගැටලු අඩු කිරීමට ඉලක්ක කර තිබේ.

කෙසේවෙතත් මෙම පියවර, ඔවුන් ඇවිළවූ ගින්නක් ඔවුන් විසින්ම නිවා දමා එය ප්‍රගතියක් ලෙස ප්‍රකාශ කිරීමක් ලෙසයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රිචඩ් නීල් පවසන්නේ.

ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය ජනතාවගේ පිරිවැය ඉහළ නංවූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එසේම තීරුබදු ලිහිල් කළ නව ලැයිස්තුවට ගල්අඟුරු, තෙල් නිෂ්පාදන, යුරේනියම් සහ දශක කිහිපයකට පසු පළමුවරට රසායනික ද්‍රව්‍ය ද ඇතුළත් වේ.

කෙසේවෙතත් ඇමරිකානු beef නිෂ්පාදනය දැඩි ලෙස පහත වැටීම නිසා, තීරුබදු පැවතුණද මේ වසරේ ඔස්ට්‍රේලියානු beef අපනයනය ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා මගින් පෙනීයන්නේ.

World News

Send your contact Details Today