මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පවසයි.
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා 2024 අගෝස්තු 5 වනදා රටින් පළාගියා.
ඇය බලයෙන් පහකළ විරෝධතාවන්ට එරෙහිව මරාන්තික මර්දනයක් ක්‍රියාත්මක කළ බවට ඇයට චෝදනා එල්ල වෙයි.
එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි ෂෙයික් හසීනා පවසා ඇත්තේ.
මේ සම්බන්ධ නඩු විභාගයක් පැවැත්වෙන අතර එහිදි තීන්දුව ළඟදීම ලබාදීමට නියමිතව තිබේ.
බලය අල්ලාගෙන සිටිමේ අසාර්ථක උත්සාහයේ දි හසීනා සහ ඇගේ රජය විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ බවත් එහිදි 1400 දෙනෙකු මියගිය බවත් ජගත් මානව හිමිකම් විමර්ශකයින් පවසා තිබේ.
මේ සම්බන්ධ නඩු විභාගයට සහභාගිවීම සඳහා ඇය ඉන්දියාවෙන් ආපසු පැමිණීමද ප්‍රතික්ෂේප කළේය.