Latest News

ශෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණීමට කොන්දේසි ඉදිරිපත් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන් බංග්ලාදේශයට යළි පැමිණීමේ තීරණය කරුණු තුනක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.

ඒඅනුව ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම අවාමි ලීගය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යන කරුණු සම්පූර්ණ විය යුතු බව ඇය පවසයි.

ඉන්දීය මාධ්‍ය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කර ඇත. තවද, තමන්ට රැකවරණය ලබා දීම පිළිබඳව ඉන්දීය රජයට සහ එරට ජනතාවට ස්තූතිය පල කරන බවද ඇය ප්‍රකාශ කර තිබේ.

ගත වූ වසරේ අගෝස්තු මාසයේ බංග්ලාදේශයේ ඇති අරගලය අතරතුර, ශෙයික් හසීනා රටෙන් පළා ගියේය.

World News

Send your contact Details Today