Latest News

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ගැන තවත් හදිසි තීරණයක්

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය සමඟ තරග සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පෙරේදා දිනයේ පැවැත්වුණු අතර එම තරගය පැවැත්වුණු දිනයේ තරගය පවතී ක්රිදනගනයට කිඉලෝ මීටර් 17ක පමණ දුරකින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එම හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තරගාවලිය අතහැර මෙරටට පැමිණිය යුතු බව කළමනාකාරිත්වය මඟින් දන්වා ඇති බවට ඊයේ (12) වාර්තා විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවන්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එරට තුළ රැඳී සිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟ වී තිබෙනවා.

එනමුත් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබූ දිනයන් වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය හෙට දිනයදක්වා කකල් දැම්ම ඇති අතර අනිද්දා (15) දිනයේ පැවත්වීමට තිබූ තුන්වන එක්දින තරගය ඊට පසු දින (16) දක්වා කල් දැමීමට තීරණය වී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් යම් හෙයින් ක්‍රීඩකයෙක් හෝ කාර්ය මණ්ඩලයේ අයෙක් තරගාවලිය අතහැර දමා යළිත් මෙරටට පැමිණෙන්නේනම් ඔවුන් පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සමාලෝචනයක් පවත්වා තීරණයක් ගන්නා බවයි.

මෙලෙස ක්‍රීඩකයින් තරගවාලිය අතහැර දමා පැමිණියහොත් ඒ වෙනුවට ආදේශ ක්‍රීඩකයින් මෙරටින් පාකිස්ථානය කරා යැවීමටද සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්රිකට ආයතනයේ නිවේදනයේ සඳහන් වුණා.

තවද ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත T20I තරඟාවලියේ සියලුම තරඟ සම්පූර්ණයෙන්ම රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පමණක් පැවැත්වීමට ද පාකිස්ථානය ක්‍රිකට් ආයතනය තීරණකර ඇති අතර මීට පෙර තීරණය වී තිබුණේ එම තරගාවලියේ එක් තරගයක් පමණක් රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ පැවැත්වීමටයි.

World News

Send your contact Details Today