තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රථම තරගයෙන් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 299ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි ඉලක්කය ලකුණු 300ක්.
පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 292ක් පමණයි.
ඒ අනුව පාකිස්තානයට ලකුණු 06ක ජයක් හිමිවිය.
පිළිතුරු ඉනිම හඹායෑමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 29ක්, කමිල් මිශාර ලකුණු 38ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 39ක් රැස් කළේය.
ඊට අමතරව නායක චරිත් අසලංක ලකුණු 32ක් සහ ජනිත් ලියනගේ ලකුණු 28ක් රැස් කර ගැනීමට සමත් විය.
වනිඳු හසරංග ලකුණු 59ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන්, හරිස් රවුෆ් කඩුළු 04ක් දවාගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 299ක් කළේය.
එහිදී පාකිස්තානය වෙනුවෙන්, ෆකාර් සමාන් ලකුණු 32ක්, බාබර් අසාම් ලකුණු 29ක් රැස්කළේය.
පාකිස්ථානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අලි අගා ලකුණු 105ක් රැස් කළ අතර හුසේන් තලාත් ලකුණු 62ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංහ ලකුණු කඩුළු 54කට කඩුළු 3ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 64කට කඩුළු 1ක් දවා ගත්තේය.