ශ්‍රී ලංකාවට අතිශය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මේස පන්දු ක්‍රීඩක ටාවී සමරවීර (Taavi Samaraweera) වයස අවුරුදු 11න් පහළ පිරිමි අංශයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
මෙම ජයග්‍රහණය, ජ්‍යේෂ්ඨ හෝ කනිෂ්ඨ යන ඕනෑම වයස් කාණ්ඩයක ලෝක ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ස්ථානයයි.