ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වායු ගුණ දර්ශකය අයහපත් මට්ටමට පැමිණ තිබේ.
ඊයේ යාපනය, හලාවත, කොළඹ ඇතුලු ප්‍රදේශවල එම දර්ශකය, රතු පැහැයෙන් යුත් අයහපත් සෞඛ්‍ය බලපෑම් අත්විදීමට සිදුවන, අහිතකර මට්ටමට පැමිණ තිබූ අතර මන්නාරම, මුලතිව්, අනුරාධපුරය, මහනුවර, කෑගල්ල යන ප්‍රදේශවල එම දර්ශකය තැඹිලි පැහැයෙන් පැවතියේ සුළු අහිතකර මට්ටමේයි.
ඉන්දියාව, බංග්ලාදේශය ඇතුලු රටවල වායුගෝලයේ පවතින දූවිලි අංශු සුළං රටාවේ වෙනස්වීමත් සමඟ ශ්‍රී ලංකාව දෙසට පැමිණීම මෙරට ඇතැම් ප්‍රදේශවල වායු ගුණත්වයේ වෙනස් වීමට හේතුවී තිබේ.