Latest News

“බොලිවුඩයේ සුපිරි නළු ධර්මේන්ද්‍ර මියගිය පුවත අසත්‍යයි” – දියණිය තහවුරු කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩයේ සුපිරි නළු ධර්මේන්ද්‍ර මියගිය බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඔහුගේ දියණිය වන ඊෂා ඩියෝල් (Esha Deol) ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් එම පුවත අසත්‍ය බව තහවුරු කර තිබේ.

ඊෂා ඩියෝල් සිය ඉන්ස්ටග්‍රෑම් සටහන් කර සිටියේ මෙවැනි අදහසක්…

“මාධ්‍ය මේ වනවිට අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බව පෙනේ. මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වන අතර ඔහු සුවය ලබමින් සිටී. අපේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් අපි සැමගෙන් ඉල්ලා සිටිමු. තාත්තාගේ ඉක්මන් සුවය පතා කරන යාච්ඤාවලට ස්තූතියි.”

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ධර්මේන්ද්‍ර මීට සතියකට පමණ පෙර රෝහල් ගත කර තිබේ.

ඊයේ (10) දිනයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය “බරපතල” වී ඇති බවට ආරංචි මාර්ග වාර්තා කළද, පවුලේ අය පවසන්නේ ඔහු ස්ථාවර (Stable) සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ (Under observation) සිටින බවයි.

World News

Send your contact Details Today