Latest News

අයිස් සහ හෙරොයින් සමඟ මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර පිරිසට සිදු කළ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබි අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

යාත්‍රාවේ තිබූ උර 24 ක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 297 ග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 58 යි ග්‍රෑම් 600 ක්.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර බවට සැකපිට ධීවරයින් පස් දෙනෙකු සමග “අවිශ්ක පුතා” නැමැති ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේදී එරට ආරක්ෂක අංශ භාරයට ගැණුනේ පසුගිය 09 වැනිදාය.

යාත්‍රාවේ සිටි 39, 42, 28, 34 සහ 63 යන වයස්වල පසුවන ධීවරයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

මේ අතර අදාළ ධීවරයින් භාර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මාලදිවයිනට ගොස් සිටී.

කෙසේ වෙතත් එරට පවතින නීතීමය තත්ත්වයන් හේතුවෙන් අදාළ ධීවරයින් පිරිස මෙතෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් වෙත භාර දී නැත.

අවිශ්ක පුතා ධීවර යාත්‍රාව සහ ධිවරයින් පිරිස මේ වන විට එරට දූපතක රඳවා ඇතැයි සදහන් වේ.

World News

Send your contact Details Today