අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අද (10) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
තලාව සිට හිරුගොල්ලාගම බලා ධවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර සාමාන්‍යපෙළ සම්මන්ත්‍රණයකට ගොස් නැවත පැමිණෙමින් සිටි සිසුන් පිරිසක් ද සිටින බවයි වාර්තා වුණේ.
බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අද (10) දහවල් සිදු වූ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ පාසල් සිසුවෙක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම අනතුරින් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් තලාව සහ අනුරාධපුර රෝහල්වෙත ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.