Latest News

පකිස්තානයට එරෙහි යුද්ධයක් ගැන තලේබාන් සංවිධාන ඉඟි කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුර්කියේ ඉස්තාන්බුල්හි පැවති නවතම ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන සාම සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පවසන්නේ පවතින අර්බුධ සහ මතභේද සම්බන්ධයෙන් පකිස්තානය සිය පාර්ශවය වෙත දොස් පැවරීමට උත්සාහ කළ බවයි.

කෙසේවෙතත් තලේබාන් පාලනය අදාළ සාකච්ඡා පැවැත්වීම සහ මැදිහත් වීම සම්බන්ධයෙන් තුර්කි ජනරජයට සහ කටාර් රාජ්‍යයට කෘතඥතාව පළ කළේය.

පකිස්තානයේ ස්ථාවරය විවේචනය කරමින්, තලේබාන් සංවිධානය පැවසුවේ තම භූමිය වෙනත් රටකට එරෙහිව භාවිතා කිරීමට හෝ කිසිදු විදේශීය ජාතියකට එහි ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමට ඉඩ නොදෙන බවයි.

ඒ සඳහා වන ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කරන බව ද ඔවුහු පැවසූහ.

එමෙන්ම තලේබාන් පාලනය පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සහ භූමිය ආරක්ෂා කිරීම ඉස්ලාමීය සහ ජාතික යුතුකමක් ලෙස පවතින බවයි.

අල්ලා දෙවියන්ගේ උපකාරයෙන් සහ එහි ජනතාවගේ සහාය ඇතිව ඕනෑම ආක්‍රමණයකට එරෙහිව ස්ථිරව ආරක්ෂා කිරීමට පොරොන්දු වන බවත් ඔවුන් පවසා තිබේ.

World News

Send your contact Details Today