Latest News

සිරියානු ජනාධිපති සහ ට්‍රම්ප් අතර හමුවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන් වේ.

සිරියානු ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ ජනාධිපති නිවස හෙවත් ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිරියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ සිරියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවද සඳහන් වේ.

World News

Send your contact Details Today