Latest News

BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වයක් මත එම නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී නිවේදන නිකුත් කරමින් මොවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ “BBC හි ඉහළම පුද්ගලයින් ඉවත් වන බවයි හෝ සේවයෙන් පහ කරනු ලබන්නේ, ජනවාරි 6 වන දින මගේ ඉතා හොඳ කතාව විකෘති කළ නිසාවෙනි” ලෙසයි.

“මේ අය ජනාධිපතිවරණ තරාදියකට නැගීමට උත්සාහ කළ ඉතා වංක පුද්ගලයින්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙය මොනතරම් භයානක දෙයක්ද” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

World News

Send your contact Details Today