Latest News

ට්‍රම්ප්, ඉන්දියානු සංචාරයකට යන බවට ඉඟි පළවෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමේ ඉඟි පළවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස බවත් පැවසෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රේෂ්ඨ මිනිසෙකු බවත් ඔහුට ප්‍රශංසා කරමින් හොඳ මිතුරෙකු ලෙසත් මෝදිව හඳුන්වාදී තිබුණි.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ අගමැති මෝදි සමග සිදුවෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යමින් ඇති බවත්ය.

World News

Send your contact Details Today