Latest News

අමෙරිකාවේ ගුවන් ගමන් වාර දහස් ගණනක් අවලංගු වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ගුවන් ගමන් කප්පාදුවක් හේතුවෙන් ගුවන් ගමන් වාර දහස් ගණනක් අවලංගු වී තිබේ.

අමෙරිකා රජයේ ෆෙඩරල් අරමුදල් අවහිරතාව හේතුවෙන් ගුවන් පාලකවරුන් ඇතුලු සේවකයින් විශාල පිරිසකට වැටුප් නොමැතිව වැඩ කිරීමට සිදුව තිබේ.

ඒ හේතුවෙන් සේවකයින් මත එල්ල වී ඇති පීඩනය ලිහිල් කිරීමට ඇමෙරිකාවේ ගුවන්තොටුපළ 40කට නව නීති ක්‍රියාත්මක කරයි.

කාර්ය මණ්ඩල හිඟය කළමනාකරණය සඳහා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් ගමන් සඳහා 4%ක කප්පාදුවක් අනිවාර්ය කර හදිසි නියෝගයක් නිකුත් කර තිබේ.

එය ලබන සතිය වන විට 10% දක්වා ඉහළ යනු ඇති බවට විශ්වාසය පළ කෙරෙයි.

අමෙරිකා ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි ප්‍රකාශ කරන්නේ අමෙරිකාව පිළිපැදිය යුතු ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙන් ගුවන් ගමන් කප්පාදු කිරීමේ නියෝගය ජාත්‍යන්තර සංචාරවලට බලපා නොමැති බවයි.

World News

Send your contact Details Today