Latest News

ශ්‍රී ලංකාවේ දී විදේශිකයන්ට නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළ දැමීමට යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ලංකාවේ දී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා ගුවන් තොටුපොළේ දී ලබාගත හැකි රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට සහ මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විදේශිකයින්ට මෙරටට පැමිණීමේ දී ලබාගත රියදුරු බලපත්‍ර කාණ්ඩ කිහිපයක් යටතේ පවතී.

ඒ, අනුව මාසයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී රුපියල් 2,000ක ගාස්තුවක් අයකෙරේ.

එමෙන්ම මාස දෙකක් සඳහා රුපියල් 4,000ක්, මාස තුනක් සඳහා රුපියල් 6,000ක් සහ මාස හතරක් සඳහා රුපියල් 8,000ක් විදේශිකයින්ගෙන් අයකර ගනු ලබයි.

ඊට අමතරව මාස පහක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබාගන්නේ නම් ගෙවිය යුතු මුදල රුපියල් 15,000ක්.

මේ අතර සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව මෙම වසරේ දී සංශෝධනය යුතු වේ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අයකෙරෙන ගාස්තුව වසර තුනෙන් තුනට සංශෝධනය විය යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අයකෙරෙන ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.

World News

Send your contact Details Today