Latest News

මේගන් නැවතත් සිනමාවට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජික මේගන් මාකල්, නැවතත් රංගනයට පිවිස තිබේ.

ඒ අනුව 2018 වසරේදී හැරී කුමරු සමඟ විවාහ වූ පසු තම රංගන ජීවිතයෙන් ඉවත් වූ මේගන්, “Close Personal Friends” නම් නව කොමඩි චිත්‍රපටයක කුඩා චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් අතර ලීලි කොලින්ස්, බ්‍රී ලාර්සන්, ජැක් ක්වේඩ්, හෙන්රි ගෝල්ඩින්, මෙලිසා විලාසෙනෝර්, නටාසියා ඩිමෙට්‍රියෝ, ඇනා කොන්කල් සහ පැටී හැරිසන් ඇතුළත් අතර මේගන්ට එහි කුඩා ආරාධිත චරිතයක් රඟපෑමට අවස්ථාව හිමි වී තිබේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජේසන් ඕර්ලි විසිනුයි.

මේ අතර මේගන් නැවත රංගනයට පිවිසීම පිළිබඳ සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ වී තිබේ.

Xහි විවිධ පරිශීලකයන් පවසන්නේ ආරාධිත චරිතයක් රඟපානු ලබන්නේ ප්‍රසිද්ධ හෝ සිත්ගන්නාසුළු කෙනෙකු විසින් වන අතර මේගන් එවන් කෙනෙකු නොවන බවයි.

මේගන්ට රංගනය සඳහා වැඩි ඉඩක් නොමැති නිසා චිත්‍රපටය නිසැකවම බොහෝ අය විසින් ඉවත දමනු ඇති බවයි තවත් විචාරකයෙකු සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් හැරී කුමරු විසින් තම බිරිඳට මේ සඳහා සම්පූර්ණ සහාය ලබා දී ඇති බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today