Latest News

අමෙරිකානු භාණ්ඩවලට බදු පැනවීම ගැන චීනය ගත් තීරණය කියයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගියදා අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළේය.

ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි.

එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් අමෙරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබේ.

අමෙරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් අමෙරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු අනුපාතය රඳවා ගනු ඇති බවත් සඳහන් කරමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම ඊයේ (05) නිවේදනයක් නිකුත් කළා.

චීන – අමෙරිකානු වෙළඳ උපදේශනවලදී ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, 2025 වසරේ නොවැම්බර් මස 10 වනදා සිට එම නව නිවේදනය ක්‍රියාත්මක ‍වන බවයි වාර්තා වන්නේ.

මෙන්ම එම නිවේදනයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ද චීනය පියවර ගෙන තිබේ.

World News

Send your contact Details Today