Latest News

Microsoft සමාගම ඔස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි – ෆෙඩරල් අධිකරණ නඩුවකුත් වැටෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Microsoft සමාගම ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ Subscription Plan මිල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව Australian Competition and Consumer Commission (ACCC) විසින් ෆෙඩරල් අධිකරණ නඩුවක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ACCC චෝදනා කරන්නේ මයික්‍රොසොෆ්ට් Office 365 Subscription Plan අලුත් කිරීමේදී, අඩු මිල ගණන් සහිත Subscription Plan සැඟවූ බවයි.

එමඟින් ගනුදෙනුකරුවන්ට Copilot සහිත plan සඳහා අනිවාර්‍යෙන්ම මාරු වීමට සිදු වූ බවත් සඳහන් වේ.

මෙමඟින් පාරිභෝගිකයින්ට නිවැරදි තීරණයක් ගැනීම අපහසු වූ බව ACCC සභාපති ජිනා කැස්-ගොට්ලිබ් පවසයි.

කෙසේවෙතත් මේ පිළිබඳව පැහැදිලිව සන්නිවේදනය නොකිරීම ගැන කණගාටුවන බව Microsoft සමාගම පවසයි.

ඒසේම අදාළ පාරිභෝගිකයින් වෙත මුදල් ආපසු ලබා දෙන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර අධිකරණය විසින් තීන්දුවක් ලබා දීමට නියමිත අතර, සමාගමට ඩොලර් මිලියන 50ක දඩයකට මුහුණ දිමට සිදුවේයැයි බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.

Microsoft 365 පාරිභෝගිකයින්ට තම විද්‍යුත් තැපෑල් පරීක්ෂා කර දැන් නිවැරදි සැලැස්මක් තෝරා ගැනීමට උපදෙස් ලබාදී තිබේ.

World News

Send your contact Details Today