Latest News

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ඊයේ සිදුවුණු දරුණු ගුවන් අනතුර හේතුවෙනි.

සහන කණ්ඩායම් වලට ඔවුන්ගේ අත්‍යවශ්‍ය මෙහෙයුම් පහසුවෙන් සිදුකරගෙන යාම සදහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කල බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩි බෙශියර් සඳහන් කළේ ය.

අමෙරිකාවේ U.P.S සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාවත් 11කි.

තවත් පුද්ගලයින් 16කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් නියමුවා ඇතුළු යානයේ සිටි පුද්ගලයින් තුන් දෙනාද මිය යන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, බලධාරීන් පවසන්නේ, ගුවන් යානය, ගුවන් ගතවී සුළු මොහොතකින් යානයේ වම් පස එන්ජිම ගිනිගෙන කඩා වැටෙන දර්ශන CCTV ඔස්සේ හඳුනාගෙන ඇති බවය.

මේ වන විට ගුවන් යානයේ දත්ත පටිගත වන කළු පෙට්ටිය හෙවත් “BLACK BOX” දෙකද සොයාගෙන ඇත.

මෙරට වේලාවෙන් ඊයේ අළුයම තුනට පමණ, ලුයීවිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ගමන් ආරම්භ කල අදාල ගුවන් යානය, විනාඩි කිහිපයක් තුල ගුවන්තොටුපළ ආසන්නයේදීම කඩා වැටුණි.

ඒ ව්‍යාපාර ස්ථාන සහ මෝටර් රථ රැසක් සම්පුර්ණයෙන්ම විනාශ කරමිනි.

මුළු ප්‍රදේශය පුරාම දැවැන්ත ගින්නක් පැතිරී යාමට හේතුවී ඇත්තේ යානයේ ගබඩා කර තිබූ ඉන්ධන හේතුවෙනි.

හවායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානයේ ඉන්ධන ලීටර 144,000ක් පමණ ගබඩා කර තිබූ බව ඊයේ විදෙස් මාධ්‍ය අනාවරණය කරන ලදි.

World News

Send your contact Details Today