මෙවර ඉල් පොහෝය දිනට දක්නට ලැබෙන පූර්ණ චන්ද්‍රයා super moon එකක් ලෙස හැදින්විය හැකි බව චීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා සදහන් කරයි.
තවදුරටත් ඔහු සදහන් කළේ මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය උදම් රල තත්ත්වයක්ද මෙදින ඇතිවිය හැකි බවයි.
එය වෙනත් පසලොස්වක දිනයන්ට දැක ගැනීමට ලැබෙන පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීපිතියකින් යුත්තවන නිසා එලෙස පූර්ණ චන්ද්‍රයා super moon එකක් ලෙස හැදින්වෙන බව ඔහුගේ අදහසයි.
සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 14% ක් පමන විශාල වන අතර 30% ක් පමණ වැඩි දීප්තියකින් මෙම supermoon බබළනු ඇති බව අපේක්ෂා කරනු ලබයි.
මෙම Supermoon තත්ත්වයන් වර්ෂයකට කිහිප වතාවක් දැකගැනීමට අවස්තාව උදා වේ.
සඳ ඉලිප්පාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්වය නිර්මාණය වෙන්නට හේතු වේ.
ඒ අනුව උදාවෙන ඉල් පෝහෝ දින චන්ද්‍රයා පෘතුවියට ආසන්න වශයෙන් කිලෝමීටර 356,980 පමණ අසන්නයට පැමිණෙනු ඇත.
පුරපසළොස්වක දිනක පමණක්ම නෙව අමාවක දිනයන්හිදී ද මෙම supermoon අවස්ථා ඇතිවීමට හැකියාව තිබේ.
මේ වසරේ දක්නට ලැබෙන විශාලතම supermoon අවස්ථාව මෙය බව වාර්තා වේ.