Latest News

ශුද්ධාසනයේ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අනිද්දා ලංකාවට එයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධාන සබඳතා ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් 2025 නොවැම්බර් 03 සිට 08 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශනයක් පවත්වන බව අමාත්‍යාංශය පවසයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පල්ලි ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීම මෙම වැඩසටහනට ඇතුළත් වේ.

World News

Send your contact Details Today