Latest News

අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් අලුත් ගිවිසුමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව හා ඉන්දියාව අතර වසර 10 ක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙයි.

දෙරටේ හවුල්කාරීත්වය හා සෑම ක්ෂේත්‍රයකින්ම අත්පත් කර ගන්නා වර්ධනය ආදිය සැලකිල්ලට ගෙන නව යුගයක් සනිටුහන් කරමින් මෙවැනි ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිං සහ ඇමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අතර ගිවිසුම අත්සන් කෙරුණේ ක්වාලාලාම්පූර් නුවරදීයි.

දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ගන්නා ලද දිගුකාලීන ප්‍රතිපත්තිමය තීරණයක් මතයි මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ.

මෙම අවස්ථාව දෙරටටම වැදගත් බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today