ටැන්සානියාවේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන සාමාජිකයන් තෝරා ගැනීම සඳහා පසුගිය 29වැනි දින මැතිවරණය පවත්වනු ලැබීය.
කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂ නායකයින් දෙදෙනෙකු ජනාධිපති ධුරයට තරඟ කිරීම වළක්වාලීම, විපක්ෂ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම සහ පැහැරගැනීමට එරෙහිව විරෝධතා රැල්ලක් ආරම්භ කෙරිණ.
විරෝධතා ආරම්භ වීමත් සමඟම ටැන්සානියානු රජය අන්තර්ජාල සේවා අත්හිටුවා, ඇඳිරි නීතිය පනවා, හමුදාව යෙදවීමද සිදුකරනු ලැබුවේය.
එහිදි විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගැනීමත් සමඟ පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.
ටැන්සානියාවේ එම ජනාධිපති හා මහ මැතිවරණ විරෝධතා කෙන්යාව වෙත ද පැතිරී ගොස් තිබේ.
ටැන්සානියා සහ කෙන්යාව අතර පිහිටි දේශසීමා නගරයක් වන නමන්ගා හි විරෝධතා ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇතැම් මාධ්‍ය පවසන්නේ කෙන්යානුවන්ට දේශසීමා පසුකර ටැන්සානියානු අරගලයට සහය දීමට අවශ්‍යවීමත් සමඟ නොසන්සුන්තා හටගෙන ඇති බවයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.