Latest News

එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සයිබර් ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනෝයි නගරයේදී අත්සන් තැබීය.

මෙම සම්මුතිය තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධති භාවිතයෙන් සිදු කෙරෙන ඇතැම් අපරාධ මැඩ පැවැත්වීම සහ බරපතළ අපරාධවල ඉලෙක්ට්‍රොනික සාක්ෂි හුවමාරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය ශක්තිමත් කිරීම ලෙස නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේ කම් ඇන්ටෝනියෝ ගුටරේස් සහ වියට්නාම ජනාධිපති ලූඕං කුඕං යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පැවැත්විණි.

මෙය සැමට වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රථම සම්මුතිය වේ.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂිකා ගාඩා ෆාති වාලි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 111ක අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ශ්‍රී ලංකා රජයේ දූත කණ්ඩායමේ ප්‍රධානී ලෙස මෙම සම්මුතියට අත්සන් තැබීය.

සමුළුවට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය කෙත්මා යාපා පෙරේරා යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින මෙම සම්මුතියට සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රටවල් වන්නේය.

ශ්‍රී ලංකාව සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට මෙසේ අත්සන් තැබීම ගෝලීය සහ ජාතික සහිත ආරක්ෂණ සහයෝගීතාවය ඉදිරියට ගෙනයාමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

World News

Send your contact Details Today