ඉතාලියේ ප්‍රධාන භූමිය සහ සිසිලිය අතර පාලමක් ඉදිකිරීමේ රජයේ සැලැස්ම ඉතාලියේ විගණන අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ මෙසිනා සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 3.3 ක් විහිදෙන සහ ලොව දිගම එල්ලෙන පාලම බවට පත්වන යුරෝ බිලියන 13.5 ක ව්‍යුහයේ ශක්‍යතාව පිළිබඳව සැක පහළ කරමින්.
ඒ අනුව මහජන වියදම් අධීක්ෂණය කරන විගණන අධිකරණය, අගෝස්තු මාසයේදී දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිය අනුමත කළ රජයේ ආර්ථික සැලසුම් කමිටුවේ CIPESS යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
රජය විසින් අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටි, විශේෂයෙන් පාරිසරික ආරක්ෂණ සීමාවන්ගෙන් නිදහස් කිරීම් මෙන්ම පාලම ඉදිකිරීම සහ මාර්ග සහ දුම්රිය මාර්ග වැනි අදාළ ව්‍යාපෘති සඳහා වැඩි වූ පිරිවැය පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් කනස්සල්ල පළ කළ බව ද වාර්තා වේ.
විගණන අධිකරණය විසින් දින 30ක් ඇතුළත එහි තීන්දුව පිටුපස ඇති සම්පූර්ණ තර්කය නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.